යහපාලන රජය පැවති කාලයේ හා පසුගිය ජනාධිපතිවරණය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි නියෝජිතයින් මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඡායාරූප හා අදහස්, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින් යළිත් වරක් බෙදා ගනිමින් හාස්‍යයට ලක් කරමින් සිටිනවා.
ජීවන වියදම අධික ලෙස ඉහළ යාම හා දේශපාලනඥයින් හැසිරීම් හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින ජනතාව මේ දිනවල බරපතල ලෙස ආණ්ඩුව සහ එහි නායකයින් විවේචනය කරනු ලබන අතර එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පෙර සිදුකළ ප්‍රකාශයන් මෙලෙස හාස්‍යයට ලක් කිරීම සිදුවන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.
එවැනි පළ කිරීම් කිහිපයක් පහතින්.


