Politics

ගීතාට සහ ඩයනාට හොඳ කලක්! රාජ්‍ය අමාත්‍යධූර ලැබෙන ලකුණු

ආණ්ඩුවට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනකු රාජ්‍ය අමාත්‍යවරියන් ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ යන මන්ත්‍රීවරියන්ට මෙලෙස රාජ්‍ය අමාත්‍යධූර ලබා දීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරුන් සහ ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් වීමත් සමග ඇති වූ පුරප්පාඩු සඳහා මෙම පත් කිරීම් සිදුකිරීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මන්ත්‍රීවරියන් සඳහන් කළේ තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top