Business

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඩු වීමේ සහනය පරිප්පු හා සැමන්වලින්වත් නොලැබෙන ලකුණු!

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල පහත වැටුනත් එම සහනය මෙරට ජනතාවට නොලැබෙනු ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මාර්තු මස 2 වන සතිය වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 139ක් දක්වා ඉහළ ගිය අතර ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ද ඓතිහාසික ලෙස ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. මේ වනවිට බැරලයක මිල ඩොලර් 98ක් දක්වා පහත වැටී තිබෙනවා.

මීට පෙර ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 20ක් දක්වා පහළ ගිය අවස්ථාවේ එම සහනය ඉන්ධනවලින් ලබා නොදී පරිප්පු හා සැමන්වලින් ලබා දීමට ආණ්ඩුව එවකට කටයුතු කළත් මෙවර එවැනි සහනයක් හෝ නොලැබෙනු ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි. ඉන්ධන මිල අඩු නොකිරීමට හේතු වී ඇත්තේ දැනට ශ්‍රී ලංකාව ඉන්ධන මිල දී ගන්නේ පෙබරවාරි මාසයේ මිලට බැවින් හා රුපියල අඛන්ඩව අවප්‍රමාණය වීම බව ද ආරංචි මාර්ග පෙන්වා දෙනවා. මෙලෙස මිල වැඩි කර තිබුණ ද දැනටත් එයින් පාඩු ලබන බව තෙල් සංස්ථා ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මෙරට රාජ්‍ය සංස්ථා අතරින් ඉහළම වැටුප් හා දීමනා ගෙවනු ලබන ආයතනයක් ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැළකෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top