ග්‍රෑම් 400ක ආනයනනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ නැංවීමට මාර්තු 19 දින කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. ඒ අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790ක් වන බව ඔවුන් සඳහන් කළා.
පසුගිය කාලසීමාව තුළ රට තුල දැවැන්ත කිරිපිටි හිඟයක් පැවති අතර දෙවරක්ම ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණා.
ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් මෙතෙක් අලෙවි වූයේ රුපියල් 540 කට වන අතර කිලෝග්‍රෑම් එකේ කිරි පැකට්ටුවක් රුපියල් 1,345 කට අලෙවි වූ අතර මේ වනවිට කිලෝග්‍රෑම් එකේ ආනයනික කිරිපිටි පැකට් වෙළෙඳපොලට නිකුත් නොකෙරන බව කිරිපිටි බෙදාහරින්නන් සඳහන් කළා. එසේම, ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් කිරිපිටි ආනයනය කළ නොහැකි බව ද කිරිපිටි ආනයනය කරන්නන් පෙන්වා දුන්නා.
මේ අනුව, දේශීය කිරිපිටි මිල ද ඉහළ යනු ඇති බව වෙළෙඳුන් අනුමාන කරන අතර පසුගිය අවස්ථාවලදී ආනයනික කිරිපිටි මිල වැඩි අවස්ථාවලදී දේශීය කිරිපිටි මිල ද ඉහළ ගිය බව ඔවුන් පෙන්වාදුන්නා.

