නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන පුරාවස්තු හා මැණික් 3ක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයෙකු යොදවා කළ මෙහෙයුමකින් මාර්තු 21 දින දියගම දක්ෂිණ අධිවේගී මාර්ගය යටින් දිවෙන උමං මාර්ගය අසල දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔවුන් සතුව දඹ රනින් නිමකළ තලගොයෙකුගේ ප්‍රතිමාවක්, නිල් මැණික් 3 ක් සහ රුබී මැණිකක් පොලීසිය විසන් සිය බාරයට ගෙන ඇති අතර කුරුණෑගල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි 41 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
මෙහිදී සොයාගත් දඹ රනින් නිමකළ තලගොයි ප්‍රතිමාව කිලෝ 8ක් පමණ බරැති බවත් එය රුපියල් කෝටි 2කට පොලිස් උපාය දූතයාට විකිණීමට සැළසුම් කර තිබූ බවත් පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරික්ෂණ ක්‍රියාත්මක අතර සැකකරුවන් මාර්තු 22 දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

