ශ්‍රී ලංකාවේ පළමුවරට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 300 සීමාව පසු කර ඇති අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332කි.
මාර්තු 25 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක් රුපියල් 49කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කළ අතර පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් ඩීසල් මෙම අවස්ථාවේ ඉහළ නොදැමූ බව එම සමාගම පැවසුවා.

