දේශීය පුවත්

මුළු රටටම ඇඳිරි නීතිය පනවයි, පොදු ස්ථාන මහජනතාවට තහනම් කරයි

අප්‍රේල් 02 දින පස්වරු 6.00 සිට අප්‍රේල් 04 දින පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ අනුව, එම කාල සීමාව තුළ සියලු පොදු ස්ථාන මහජනතාවට තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මෙම කාලය තුළ පොදු මාර්ගයක, උද්‍යාන, විනෝදාස්වාදක හෝ වෙනත් ක්‍රීඩාංගණවල, දුම්රිය මාර්ගවල, මුහුදු වෙරළේ කාලය ගත කිරීම තහනම් බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top