News

සමාජ මාධ්‍ය සියල්ල අවහිර කරයි, තමන් ද VPN භාවිතා කරන බව තාක්ෂණ ඇමති නාමල් කියයි

ශ්‍රී ලංකාවේ සිට සියලුම ජනප්‍රිය සමාජ මාධ්‍ය අවකාශයන් වෙත පිවිසීම රජය විසින් සීමා කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත මෙම පියවර ගත් බව අප්‍රේල් 03 දින තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා තහවුරු කළ බව නිවුස්ෆස්ට් වාර්තා කර තිබෙනවා.

මේ අනුව, යූටියුබ්,වට්ස්ඇප්,මැසේන්ජර්,ෆේස්බූක්, වයිබර්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමට බාධා එල්ල වී ඇතත් වීපීඑන් මෘදුකාංග භාවිතා කරමින් විශාල පිරිසක් මේ වනවිටත් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන අයුරු නිරීක්ෂණය වේ.

කෙසේ වෙතත් කුමන තත්වයක් යටතේ වුවද සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම අවහිර කිරීම කිසිසේත් පිළිගත නොහැකි බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය සඳහන් කළා.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය අවහිර කිරීම “වැඩකට නැති වැඩක්” ලෙසයි. එසේම තමන් ද වීපීඑන් භාවිතා කර සමාජ මාධ්‍ය වෙත පිවිස සිටින බවත් අනෙක් අයත් එසේ සිදුකරන බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් බලධාරීන් වහාම අවධානය යොමු කර නැවති සළකා බැලිය යුතු බවයි.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු හා මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහාචාර්ය චරිත හේරත් මහතා ද පවසන්නේ සමාජ මාධ්‍ය අවහිර කිරීම “මෝඩ සහ පිළිගත නොහැකි” කටයුත්තක් බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top