ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම අවහිර කර ඇති සියලුම සමාජ මාධ්‍ය ජාල වහාම සක්‍රීය කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දැන්වූ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
අප්‍රේල් 03 දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත ප්‍රකාරව මෙම ඉල්ලීම සිදු කළ බව ද එම කොමිසම සඳහන් කළා.

