News

“මෑත ඉතිහාසයේ මහපොළොවම දෙදරුම් කන සැබෑ ජන අරගලය මෙයයි” – නිමල් බෝපගේ

“මෑත ඉතිහාසයේ මහපොළොවම දෙදරුම් කන සැබෑ ජන අරගලය මෙය බවත් එය සුපුරුදු පරිදි ලෙයින් යකඩින් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහන දරන” බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්, නීතිඥ නිමල් බෝපගේ මහතා පවසනවා.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අප්‍රේල් 08 දින ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “මර්දනයේ පළමු පියවර ලෙස මෙය 88/89 භීෂණ යුගයට සමාන කොට එහි වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පටවමින් ජනතාව නොමග යැවීමට ආණඩුව දරන උත්සාහය වහා පරාජය කළ යුතු” බවයි.

එම සටහන පහතින්.

මෑත ඉතිහාසයේ මහපොළොවම දෙදරුම් කන සැබෑ ජන අරගලය මෙයයි…

එදිනෙදා ජන ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ නොලැබීමෙන් ස්වාභාවිකවම මතු වූ නිර්පාක්ෂික ජන අරගලය ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද සලිත කිරීමට දැනටමත් සමත් වී ඇත.

එබැවින් ඊට සැබෑ විසදුම් ලබා දෙනවා වෙනුවට එය සුපුරුදු පරිදි ලෙයින් යකඩින් මර්දනය කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය දැඩිව හෙළා දකිමු.

මර්දනයේ පළමු පියවර ලෙස එය 88/89 භීෂණ යුගයට සමාන කොට එහි වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පටවමින් පොදු ජනතාව නොමග යැවීමට ආණ්ඩුව දරණ උත්සාහයද වහා පරාජය කළ යුතුය.

ඒ අනුව මේ තීරණාත්මක මොහොතේ ඉහළ ස්ථරය තුළ සිට මෙම නිර්පාක්ෂික ජන අරගලයට සහයෝගය දෙන සියලු උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් නිලධාරීන් ඇතුළු අප සියලු දෙනා ඒ සඳහා වහා මැදිහත් වෙමු!
නිර්පාක්ෂික ජන අරගලය දිගටම..

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top