අමාත්‍යවරුන් 26 දෙනෙකු සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වී ඇති බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රජය නිවේදනය කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා විසින් අප්‍රේල් 07 දින නිකුත් කරන ලද 2274/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) (ආ) අනු ව්‍යවස්ථාව අනුව මෙම ඉල්ලා අස්වීම් නිවේදනය කරන බව සඳහන් කර ඇත.

