News

#GoHomeGota2022 ෆේස්බුක් හී මිලියනය පසු කරයි

මෙරට ඉතිහාසයේ නිදහසින් පසු සිදුවන පළමු නිර්පාක්ෂික ජන අරගලය ලෙස සැළකෙන #GoHomeGota2022 අරගලයේ කොටසක් ලෙස පැවැත්වෙන “මිලියනයක් කොළඹට” විරෝධතා ව්‍යාපාරය අප්‍රේල් 09 දින උදෑසන 9 සිට කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ආරම්භ වී මේ වනවිටත් පැවැත්වෙමින් තිබෙනවා. මීට සමගාමීව මෙම අරගලය රටපුරා පැවැත්වෙන අතර සමාජ මාධ්‍ය ජාලා එහි සංවිධාන කටයුතු සිදුකෙරෙනවා. මේ සඳහා සහභාගී වන පිරිස් මීට දින කිහිපයකට පෙර ආරම්භ කළ #GoHomeGota2022 හෑෂ් ටැගය මේ වනවිට ෆේස්බුක් හී පමණක් මිලියන වාරයක් සටහන් වී ඇති අතර පසුගිය පැය 24ක කාලය තුළ එය ලක්ෂ 5කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

මේ වනවිට මිලියන 1.2 වාරයක් ෆේස්බුක් පරිශීලකයින් විසින් එම පාඨය සටහන් කර තිබෙන අතර පසුගිය දා පැනවුනු සමාජ මාධ්‍ය ජාලා වාරණය හේතුවෙන් වීපීඑන් භාවිතා කිරීම නිසා වෙනත් රටවල ද එම පාඨය වැඩිම වාර ගණනක් බෙදා හැරුණු ටැගයන් අතරට එක්වී තිබුණා.

මෙරට ජනතාව අතර අඩු භාවිතයක් ඇති ට්විටර් ජාලය තුළ ද එම පාඨය යටතේ මේ වනවිට පළ වී ඇති සටහන් ගණන 15,000 ඉක්මවා ඇති අතර මේ මොහොත වනවිට එම ජාලය තුළ මෙරට වැඩිම වාර ගණනක් පළ වී ඇත්තේ එම පාඨය ඇතුළත් සටහන් වීම ද විශේෂත්වයකි.

To Top