දේශීය පුවත්

“අරගලයට උගන්වන්න එපා, අරගලයෙන් ඉගෙන ගන්න” – නිමල් බෝපගේගෙන් සැර කතාවක්

මේ වනවිට දියත්වන නිර්පාක්ෂික අරගලය නිවැරදි දිශාවට ගමන් කරන බවත්, එහි ඉදිරිය ද අරගලය විසින්ම තීරණය කරනු ඇති බවත් නීතිඥ නිමල් බෝපගේ මහතා පවසනවා.

වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් බෝපගේ මහතා පවසන්නේ අරගලයට ඉගැන්විය යුතු නැති බවත් අරගලයෙන් ඉගෙනගත යුතු බවත් තේරුම්ගත යුතු බවයි. ඇතැම් විද්වතුන් පවා තමන්ගේ තරාදියෙන් මෙම අරගලය කිරා මැනගැනීමට නොහැකි වූ විට අරගලයට දොස් නගන බව පෙන්වා දෙන ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ මෙම අරගලය සියලු පක්ෂවල, සියලු සංවිධානවල පුද්ගල කණ්ඩායම මැදිහත්වීමෙන් ආරම්භ වුවත්, ඔවුන් දායක වුවත් ඔවුන්ට අවශ්‍ය දිශානතියට නොව අරගලය විසින් තීරණය කරනු ලබන දිශානතියකට ගමන් කරමින් සිටින බවයි.

එසේම අරගලයේ සැබෑ අරමුණ පවතින ආණ්ඩුව පලවා හැර මීට පෙර සිටි ආණ්ඩුව නැවත බලයට පත් කිරීමවත්, ඉන්න 225 ඉවත් කර වෙනත් 225ක් පත් කිරීමවත් නොවන බවයි. ඔහු පෙන්වා දෙන්නේ අරගලකරුවන්ගේ අපේක්ෂාව “ක්‍රම වෙනසක්” බවයි. එනම්, පවතින දූෂිත ක්‍රමවේදය වෙනුවට විනිවිද පෙනෙන නව ක්‍රමවේදයක අවශ්‍යතාවය අරගලයේ අරමුණක් බව ද ඔහු පවසනවා.

සම්පූර්ණ වීඩියෝව පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top