දේශීය පුවත්

තවත් රාජ්‍ය ඇමතිවරු 21ක්, ජනාධිපති ඉල්ලා අස්විය යුතු යැයි කියා රාඝවන් රාජ්‍ය ඇමතිධූරයක් ගනී

රට තුළ ඇති වූ ආර්ථික අර්බුදයත් සමග පැමිණි ජන විරෝධය මත කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී දින 15කට පසු නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමෙන් පවසු නව රාජ්‍ය ඇමැතිවරුන් 21 දෙනෙකු ද අප්‍රේල් 18 පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් අතර පසුගිය දිනවල භාරකාර රජයක් පත් කර ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව කියූ සුරේන් රාඝවන් මහතා ද සිටී. ශ්‍රීලනිපය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ ආචාර්ය සුරේන් රාඝවන් මහතා අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

Rivira FB Group Rivira Youtube
To Top