අරලියගහ මන්දිරයේ අප්‍රේල් 18 දින අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකට සහභාගී නීතිඥ හර්ෂාන් පෙරේරා මහතා සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාල තුළ නීතිඥවරුන්ගේ දැඩි අප්‍රසාදයකට ලක් වී තිබුණි.
අරගලයේ නිරත නීතිඥවරුන්ට එරෙහිව නීතිඥවරයෙක්ගෙන් ආන්දෝලනාත්මක චෝදනාවක්
අගමැතිවරයා හමුවේ දී අදාළ නීතිඥවරයා විසින් සිදුකළ ප්‍රකාශයක් හිරු ප්‍රවෘත්ති තුළින් විකාශය වීමත් සමග එම තත්වය ඇති වී තිබූ අතර අදාළ ප්‍රකාශය මගින් ඔහු කියා තිබුණේ අරගලයට සම්බන්ධ වන ඇතැම් නීතිඥවරුන්ගේ බැංකු ගිණුම් වෙත විදෙස් රටවලින් මුදල් ලැබෙන බවයි. එසේම මුදල් දී ගෝල්ෆේස් පැමිණ කතා කරන ලෙස තමන්ට ආරාධනා ලැබෙන බව ද එම නීතිඥවරයා පවසා සිටියා.
ඒ අනුව එල්ල වූ විරෝධය හමුවේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ නීතිඥ සංගමයේ විධායක සභික නීතිඥ හර්ෂාන් පෙරේරා සඳහන් කර තිබුණේ අදාළ ප්‍රකාශයක් වෙනත් යමක් කියන්නට ගොස් වැරදි යමක් ගම්‍ය වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාවට සිදුවූ සිත් වේදනාව පිළිබඳ තමන් කණගාටු වන බව ද ඔහු සඳහන් කර තිබුණා.
එම සටහන පහතින්.
“දීර්ඝ පැහැදිලි කිරීමක් කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති නිසා හදිසි ප්‍රකාශයක් ලෙස මෙසේ සඳහන් කිරීමට මම කැමැත්තෙමි.
අරගලයට සහය දෙන මාගේ සහෘද නීතීඥවරුන් එසේ සහය දෙනු ලබන්නේ මුදල් ලබාගෙන බවට මා කිසිසේත්ම විශ්වාස නොකරමි.
වෙනත් දෙයක් ප්‍රකාශ කිරීමට ගොස් වැරදි අදහසක් මතුපිටට පැමිණීමෙන් නීතීඥ ප්‍රජාවට සිදු වූ සිත්වේදනාව පිළිබඳ මා හදවතෙන්ම පසුතැවෙන්නෙමි.
ඇති වූ අප්‍රසන්න තත්වය ගැන මා අවංකවම කණගාටු වන අතර එය නිවැරදි කිරීමට හැකි සියල්ල ඉටු කරමි.”

