දේශීය පුවත්

ප්‍රියන්තට යුක්තිය ඉටු කළ පකිස්ථානයට ස්තූතියි, රඹුක්කනටත් යුක්තිය ඉටු කරන්න – ඩලස් බලධාරීන්ගෙන් ඉල්ලයි

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ හා කඩිනම් පරීක්ෂණයක් මගින් වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම බලධාරීන්ගෙන් බලාපොරොත්තු වන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අප්‍රේල් 21 දින ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ පකිස්ථානයේ දී ඝාතනය වූ ප්‍රියන්ත කුමාරට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානයට ස්තූති කරන බවයි.

එම සටහන හා සරල පරිවර්තනය පහතින්.

Thank you pakistan for delivering justice for Priyantha Kumara. Expect authorities to conduct a fair and expedient investigation into Rambukkana incident & do justice for its victims, while upholding citizens right to peaceful protest.

ප්‍රියන්ත කුමාර වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම ගැන පකිස්ථානයට ස්තූතියි. සාමකාමී විරෝධතා දැක්වීමේ පුරවැසි අයිතිය තහවුරු කරමින් රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා එහි වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම බලධාරීන්ගෙන් බලාපොරොත්තු වේ.

Rivira FB Group Rivira Youtube
To Top