2022 ආර්ථික අර්බුදය

තීරණයේ වෙනසක්, ගෑස් මිල වැඩි කිරීමට අනුමැතිය නොදෙන බව රජය කියයි

කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 2500කින් ඉහළ දැමීමට ලිත්‍රෝ සමාගම තීරණය කළ බව එම සමාගම පවසා සිටියා. කෙසේ නමුත් මෙලෙස මිල ඉහළ දැමීමට අවසර නොදෙන බවයි රජය නිවේදනය කළේ.

ඒ අනුව අප්‍රේල් 22 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මිල ඉහළ දැමීම ක්‍රියාත්මක නොවන බව රජය වැඩිදුරටත් දන්වා තිබෙනවා.

ලිත්‍රෝ ගෑස් සමාගමේ සභාපතිධූරයෙන් තෙෂාර ජයසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වන විජිත හේරත් එම තනතුරට පත්කර තිබුණා.

ලිත්‍රෝ ගෑස් සමාගමේ වැඩි කොටස් ගණනක් තිබෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටයි.

කෙසේ වෙතත් මෙලෙස මිල ඉහළ දැමීමක් නිවේදනය වීමෙන් පසු වෙළෙඳුන් ගෑස් සඟවාගෙන සිටි සිදුවීම් පහුගිය කාලය පුරාවටම වාර්තා වී තිබූ අතර යළිත් වෙළෙඳපොල තුළ ගෑස් හිඟය දරුණු අතට හැරීමට මෙම තත්වය හේතු විය හැකියි.

Rivira FB Group Rivira Youtube
To Top