දේශීය පුවත්

විදුලි බිල 100%කින් නගන්න මහජන උපයෝගීතා කොමිසම අවසර දෙයි

විදුලි බිල ඉහළ නැංවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප්‍රේල් 25 දින රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ “විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරලා තියෙනවා. මහජන උපයෝගිතා කොමිසම ඒ සඳහා අවසරය ලබා දී තිබෙනවා. නමුත් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. හෙට ඉඳලා කවුරුහරි කියනවා නම් එක සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ ඒකකයක් නිෂ්පාදනය කරලා ඒක අලෙවි කරලා ලැබෙන මුදල ඒ ලැබුණත් පාඩුව විදුලිබල මණ්ඩලයට. මේ වෙලාවේ දෛනිකව ලැබෙන පාඩුව රුපියල් බිලියන 500කට ආසන්න මුදලක්. උත්පාදන වියදමට ගැළපෙන ආකාරයේ මිල සූත්‍රයක් හදුන්වා දීම තමයි අපි මේ වෙලාවේ සිදුකළ යුත්තේ.” යනුවෙනි.

Rivira FB Group Rivira Youtube
To Top