“රට ස්ථාවර කර ජන ජීවිතය සුරකිනු” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් අප්‍රේල් 28 දින නිහඬ විරෝධතාවයක් සහ පාගමනක් සංවිධානය කර තිබුණි.
කොළඹ නිදහස් චතුරස්‍රය අසල මාර්ගයේ දී නිහඬ විරෝධතාවයක් දක්වා පසුව පාගමනින් ශ්‍රී ලංකා පදනම් ආයතනය දෙසට ගමන් කර පසුව පරිපාලන සේවා සංගමයේ මූලස්ථානයට පිරිස රැස්විය.
එම සංගමය විසින් පසුගිය දා “ආර්ථික හා සමාජයීය පුනර්ජීවනය” සඳහා කඩිනම් යෝජනාවලියක්ද ඉදිරිපත් කර තිබුණා. එම සංගමයේ සාමාජිකයෙකු “රිවිර.lk” අදහස් දක්වමින් පවසා සිටියේ මෙම විරෝධතා පාගමන එම යෝජනාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතු කිරීම සඳහා සංවිධානය කර තිබූ බවයි.
මෙම අවස්ථාවට එම සංගමයේ සාමාජිකයින් රැසක් පැමිණ සිටි අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරියෙකු වූ මහින්ද දේශප්‍රිය මහතා ද විරෝධතා පුවරු අඳිමින් එම විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණ එම සංගමයේ නිලධාරීන්ට සහය පළ කර සිටියා. කෙසේ වෙතත් ඔහු තවත් පිරිසක් සමග නිදහස් චතුරස්‍රයේ සිට වෙනම පාගමනක් ද සංවිධානය කර තිබූ අතර එහිදී 19+ අවශ්‍ය බව දැක්වෙන පුවරුවක් ද ප්‍රදර්ශනය කරමින් සිටියා.

