News

හරීන් සජබය අතැර ස්වාධීන වෙයි

සමගි ජනබලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත දැනුම් දී තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, පවතින අර්බුද සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළ ද නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවැති කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top