දේශීය පුවත්

ලෝක වාර්තා දෙකක් සමඟ රනිල් අගමැති පුටුවට

මෙරට 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස හයවැනි වරටත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පස්වරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිව්රුම් දී තිබෙනවා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ය.

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මෛත්‍රී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ද එක්ව තිබෙනවා.

ඒ අනුව, මෙරට පමණක් නොව ලෝක දේශපාලන ඉතිහාසෙයේ එක් රටක වැඩිම වාර ගණනක් අගමැති ධූරයට පත් වූ පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ලෝක වාර්තාවකට ද හිමිකම් කියා පෑමට ද හැකි වී ඇත.

1993 වසරේ දී ප්‍රථම වරට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් වන්නේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝා තනයෙන් පසුව ය. පසුව 2001 දී මහමැතිවරණය ජය ගෙන දෙවැනි වරට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ඔහු නැවතත් 2004 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව අගමැති ධූරය අහිමි විය. පසුව 2015 වර්ෂය දක්වා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම වසරේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් වීමෙන් පසුව තෙවැනි වරට අගමැති ධූරයට පත් විය. පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව 2015 අගෝස්තු මස එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරයෛන් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සිව්වැනි වරට මෙරට අගමැති ධූරයට පත් විය. පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 වසරේ ඔක්තෝම්බර් 26 වන දින රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් නෙරපා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කළේ ය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එලෙස අගමැතිවරයා පත් කිරීම නීති විරෝධි බව තීරණය කිරීමෙන් අනතුරුව නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ පස් වැනි වරටත් දිව්රුම් දුන්නේ ය.

එමෙන්ම, මෙරට දැවැන්ත දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පසුගිය මහමැතිවරණයේ දී හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණකි. ඒ සඳහා පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් විය. ඒ අනුව, රටක එක් මන්ත්‍රී ධූරයක් දැරූ පක්ෂයක නියෝජිතයෙකු අගමැති ලෙස පත් වූ පළමු අවස්ථාව වන අතර එම ලෝක වාර්තාව නැවත කිසි ම දේශපාලඥයෙකුට බිඳිය හැකි වේ දැයි ද සැක සහිතය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top