News

ප්‍රසන්න, දිනේෂ් හා කාංචන හදිසියේම ඇමතිධූරවල දිවුරුම් දෙන්න යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ගොඩනැගීමට නියමිත නව ආණ්ඩුවේ අමාත්‍යධූර 3ක් හදිසියේම පත් කිරීමට සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව, මැයි 14 දින හෝ 15 දින දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග හා කාංචන විජේසේකර යන මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යධූරවල දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

සභානායක ලෙස පත්වීම සඳහා දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්වීම සඳහා ප්‍රසන්න රණතුංග, සංචාරක අමාත්‍යවරයා ලෙසත්, හදිසි තෙල් ගිවිසුම් අත්සන් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කාංචන විජේසේකරත් මෙලෙස අමාත්‍යධූරවල දිවුරුම් දීමට සූදානම් වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට පෙර කියා සිටියේ තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top