නව ආණ්ඩුවේ අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමේ දී සුදුසුකම් සහිත සක්‍රීය සේවයේ සිටින ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් පත් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මැයි 13 දිනැතිව ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකින් එම සංගමය පෙන්වා දී ඇත්තේ පසුගිය කාලය තුළ විශ්‍රාමික නිලධාරීන් අමාත්‍යංශ සඳහා පත් කිරීමෙන් එම අමාත්‍යංශ තුළ කැපී පෙනෙන කාර්යසාධනයක් අත්කරගෙන නැති බවයි. එසේම අමාත්‍යංශ ලේකම්ධූර සඳහා පත් කරන නිලධාරීන් ඔවුන් ගන්නා සෑම තීරණයකටම රටේ පුරවැසියන් වෙත වගවිය යුතු බව එම සංගමයේ ස්ථාවරය බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.
පරිපාලන සේවා සංගමය මෙම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරියෙකු අගමැති ලේකම්වරයා ලෙස පත් කර ඇති පසුබිමක වීම ද විශේෂත්වයකි.
එම ලිපිය පහතින්.


