දේශීය පුවත්

ආනයනික කිරිපිටි පැකට්ටුවක් රු.1020ක් දක්වා ඉහළට

ග්‍රෑම් 400ක ආනයනනික කිරිපිටි පැකට්ටුවක මිල තවත් රුපියල් 230කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. මැයි 15 දින වනවිට වෙළෙඳපොලේ ඇති කිරි පිටි පැකට්ටුවල සඳහන් කර තිබීමෙන් මේ බව අනාවරණය වූ අතර කිරිපිටි ආනයනකරුවන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර නැත. ඒ අනුව, මේ වනවිට පැකට්ටුවක මිල රු.1,020ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මාර්තු 19 දින ද කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබුණේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දැමීමටයි. ඒ අනුව මෙතෙක් මිල පැවතියේ රුපියල් 790ක් ලෙසයි.

පසුගිය කාලසීමාව තුළ රට තුල දැවැන්ත කිරිපිටි හිඟයක් පැවති අතර තෙවරක්ම ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණා.

Rivira FB Group Rivira Youtube
To Top