දේශීය පුවත්

අගමැති රනිල් මැයි 16 ජාතිය අමතයි, විශේෂ හෙළිදරව් රැසක් සිදුකිරීමේ සූදානමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි 16 දින පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරයට පත් 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතන ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ වනවිට රට මුහුණ දී තිබෙන අර්බුදයේ සත්‍ය ස්වරූපය මෙන්ම අර්බුදය විසඳා ගෙන නැවත ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නගන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු හෙළි කරනු ඇතැයි ද වාර්තා වන අතර පසුගිය කාලය තුළ ගනු ලැබ ඇති ඉතාමත් හානිකර තීන්දු සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකරනු ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top