රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා ඇතැයි අගමැති කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
මැයි 15 දිනැතිව යොමු කර ඇති බව කියන එම ලිපියෙන් සාකච්ඡාවක් සඳහා වේලාවක් ද ඉල්ලා ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂය සඳහන් කළේ තමන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමතිධූර ලබා නොගන්නා බවත් යහපත් තීරණ සඳහා විපක්ෂයේ සිට සහය ලබාදෙන බවත් ය.
නමුත් මේ වනවිට එම තීරණය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව පෙනී යයි.

