පාර්ලිමේන්තුවේ සාමුහිකව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් 43 සේනාංකයේ ලිපි ශීර්ෂයක් යටතේ චම්පික රණවක අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මැයි 16 දිනැතිව ලිපියක් යොමු කරමින් චම්පික රණවක පවසන්නේ තාවකාලීක අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කළ යුතුව තිබෙන බව තම කණ්ඩායම දිගින් දිගටම දැරූ මතය බවයි.
එබැවින් එවැනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට සහය දීම තම යුතුකමක් ද බව ද එම ලිපියේ සඳහන් කර තිබෙනවා. ඒ සඳහා ප්‍රශ්න 6කට විවෘත පිළිතුරු ලබා දෙන ලෙසයි 43 සේනාංකයේ නායක චම්පික රණවක ඉල්ලා ඇත්තේ. එම ලිපිය පහතින්.
මෙම ලිපිය මන්ත්‍රී කණ්ඩායමක් වෙනුවෙන් චම්පික රණවක යොමු කර ඇත්තේ ආණ්ඩුවට සහය නොදීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති පසුබිමකයි. සජිත් ප්‍රේමදාස පැවසුවේ වරදාන වරප්‍රසාදවලට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ තත්වයක් මතුව ඇති බවයි.



