දේශීය පුවත්

හදිසි නීතිය අහෝසි වෙයි

දිවයිනට බලපාන පරිදි ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබූ හදිසි නීතිය මැයි 20 දින මධ්‍යම රාත්‍රියේ සිට අහෝසී වී තිබෙනවා. ඒ එම නීතිය පැනවූ දින සිට දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය දීර්ග කිරීමට අනුමැතිය ලබානොගැනීම හේතුවෙනි.

මැයි 06 දින සිට ක්‍රියාත්මක වන පරිදි මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරුණි.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස ඇඳිරිනීතිය පනවා ඇති බව එම නිවේදනයේ සඳහන් කොට තිබුණි.

හදිසි නීතිය පැනවීමේ දී මාසයක කාලයක් සඳහා වලංගු වන නිවේදනයක් නිකුත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. එම මාසය ඇතුළත එය අවලංගු කිරීමට ද ජනාධිපතිවරයාට බලය හිමිවේ. නමුත් හදිසි නීතිය දින 14කට වඩා පැවතීම සඳහා දින 14ක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැයි ලබාගත යුතුය. එසේ අනුමැතිය ලබා ගැනීමක් සිදු නොකළහොත් හදිසි නීති නිවේදනය අවලංගු වේ.

Rivira FB Group Rivira Youtube
To Top