මෙරටට ළඟා වී තිබූ තවත් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම මැයි 21 දින ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවක මෙලෙස පෙට්‍රල් ගොඩබෑමට නියමිත අතර ඉන්දීය ණය ක්‍රමය යටතේ මෙරටට පැමිණි තවත් නෞකාව ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක් ද අද දින ගොඩබෑමට නියමිතව ඇත.
මේ වනවිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් බෙදාහැරිමට අවශ්‍ය කටයුතු සලසා ඇති අතර ඩීසල් පෝලිම් අඩු වී ඇතැයි අමාත්‍යංශය පෙන්වා දෙයි.
එසේම පෙට්‍රල් මෙට්‍රික් ටොන් 28,000ක් රැගෙන මෙරටට පැමිණ තිබූ නෞකාවේ ඉන්ධන මැයි 19 දින ගොඩබෑමෙන් පසු එම ඉන්ධන බෙදාහැරිම මැයි 20 දින ආරම්භ කළ බව ද අමාත්‍යංශය සඳහන් කළා.

