දේශීය පුවත්

ගෑස් මැයි 26ත් නෑ, 27ත් නෑ, නැවක් එන්නෙත් හෙට

ගෑස් සංචිත අවසන් වීම හේතුවෙන් මැයි 26 සහ 27 දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ, මේ වනවිට මුදල් ගෙවා ඇති ගෑස් නෞකා දෙකක් දිවයිනට ළඟා වෙමින් ඇති බවත් ඉන් එක් නෞකාවක් මැයි 27 දින සහ අනෙක් නෞකාව මැයි 29 දින මෙරටට ළඟා වනු ඇති බවයි.

මෙම නෞකාවලින් ගෑස් මෙට්‍රික් ටොන් 7500ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි. ඒ අනුව තොග ලැබීමෙන් පසු දින සිට නැවත ගෑස් බෙදීම ආරම්භ කරන බව එම සමාගම සඳහන් කළා.

මේ අතර ගෑස් සිලින්ඩර් රැස් කරන සහ තොග අනිසි ලෙස රැස් කරන පුද්ගලයින් සොයා විමර්ශන සිදුකෙරන බව ලිත්‍රෝ සමාගම සඳහන් කළා. ගෑස් අලෙවි නියෝජිතයෙකුට හැර වෙනත් පුද්ගලයින්ට ගෑස් සිලින්ඩර් සහ ගෑස් තොග අනිසි ලෙස රැස්කර තබාගත නොහැකි බව එම සමාගම සඳහන් කළා. උපාය දූතයින් යොදා ගැනීමෙන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන දැන්වීම් යොදාගෙන වැටලීම් වැඩි වශයෙන් සිදුකෙරන බව සමාගම සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top