දේශීය පුවත්

මැයි 09 ප්‍රහාරය විමර්ශනයෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද ඉල්ලා අස්වෙයි

මැයි 09 දින අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය හා පසුව ඇති වූ තත්වය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මානව හිමිකම් කොමිසම විසින් එම කොමිසමේ විශේෂ නියෝජිතයෙකු ලෙස පත් කළ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා ඉන් ඉල්ලා අස්වී තිබෙනවා. සඳහන් කළේ ඔහු පුද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ පුද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වී ඇති බවයි.

එම සිද්ධියට අදාළව ස්වාධීන විමර්ශනයක් සිදුකොට වාර්තාවක් ලබා දීම සදහා මානව හිමිකම් කොමිසම තම විශේෂ නියෝජිතයෙකු ලෙස ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා මැයි 17 දින පත් කර තිබුණා.

Rivira FB Group Rivira Youtube
To Top