දේශීය පුවත්

ඉන්ධන අර්බුදය බරපතලයි, රියදුරන් දෙල්කඳින් මාර්ගය අවහිර කරයි

ඉන්ධන පිරවුම්හලක් අසළ විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය දෙල්කඳ ප්‍රදේශයෙන් අවහිර වී ඇත.

ඊයේ සිට ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීන් විසින් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් හයිලෙවල් මාර්ගය අවහිර කරමින් ජුනි 16 දින පෙරවරුවේ මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.

මේ අතර පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලීමේ සිටි පුද්ගලයෙකු හදිසි රෝගාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇති 53 හැවිරිදි පුද්ගලයා සිය පුත්‍රයා සමග ත්‍රිරෝද රථයට හා මෝටර් සයිකලයකට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලීමේ රැඳී සිටියදී ජුනි 16 දින අලුයම ඇති වු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහල් ගත කර ඇති අතර එහිදි ඔහු මියගොස් ඇත.

සිද්ධිය ඇසින් දුටුවෙක් සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ පුත්‍රයා යතුරුපැදියට ඉන්ධන ලබාගැනීමට එම ඉන්ධන පෝලිමේ යතුරු පැදි තීරුවේ රැඳී සිට ඇති අතර, පසුව ඔහු පියා සිටි ස්ථානයට පැමිණ ඉතා සංවේදී වූ බවයි.

මේ අතර පූගොඩ ප්‍රදේශයේදී ගෑස් සිලින්ඩරයක් විල්බැරෝවකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ද මියගොස් තිබෙනවා. 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top