විදේශ

#Breaking පුද්ගලයින් 920කට මරු කැඳවමින් ඇෆ්ගනිස්ථානයේ දරුණු භූමිකම්පාවක්

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පක්ටිකා පළාතේ සිදුව ඇති ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 920 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව තලේබාන් බලධාරීහු පවසති.

දැනට නිකුත් වී ඇති ඡායාරූපවලින් පෙනෙන්නේ නැගෙනහිර පක්ටිකා පළාතේ නායයෑම්වලින් සිදුව ඇති විනාශයයි. දුර බැහැර ප්‍රදේශවල විපතට පත් වූවන් හෙලිකොප්ටර් මගින් රෝහල් වෙත රැගෙන යමින් තිබේ.

තලේබාන් නායක Hibatullah Akhundzada පැවසුවේ නිවාස සිය ගණනක් විනාශ වී ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

Rivira FB Group Rivira Youtube
To Top