2022 ආර්ථික අර්බුදය

#Breaking: රටම නවතියි, ජූලි 10 දක්වා ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි

ජුනි 27 මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමට රජය තීරණය තිබෙනවා.

අද පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වූ විශේෂ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඒ අනුව, ජුනි 27 මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 10 දින දක්වා මෙලෙස මහජනතාව වෙත ඉන්ධන ලබාදීම අත්හිටුවා ඇති බව සඳහන් කළා.

ඒ අනුව වරාය” නැව් තොට, සෞඛ්‍ය අංශ” අත්‍යවශ්‍ය ආහාර පාන බෙදාහැරීම්” කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් සහ පෙට්‍රල් ලබාදෙන අතර අනෙක් සියලුම අංශ තම තමන්ගේ නිවසේ සිට කටයුතු කිරීමෙන් සහය වන ලෙස ඉල්ලා සිටින ලෙස ඉල්ලා සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත සඳහන් කළේය.

පාසල් සම්බන්ධයෙන් තීරණ ගැනීම අදාළ අංශ වෙත පවරා ඇති බවත්, පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය නොවන ආකාරයට එම කටයුතු පවත්වාගෙන යන ලෙසත් උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම, පවතින විදේශ සංචිත හිඟය ඉතිහාසයේ දරුණුතම අර්බුදය වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. එබැවින් කෙටි දුර සඳහා අවශ්‍ය ගමනාගමනය සඳහා ඉන්ධන ලබාදුන්නත් පවතින හිඟය හේතුවෙන් අන්තර් පළාත් ගමනා ගමනය බොහෝදුරට අත්හිටුවීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top