ත්‍රිකුණාමලය ලංකා අයි.ඕ.සී පර්‍යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම ලබන 10 වැනි දා දක්වා සීමා කර ඇති බව එම සමාගම පවසනවා. ඒ “මුළු රටම කොළඹට” තේමාව යටතේ දැවැන්ත විරෝධතාවයක් සංවිධානය වෙමින් ඇති පසුබිමකයි.
නමුත් අයි.ඕ.සී සමාගම විසින් එකඟ වී ඇති පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දීමට නියමිත ඉන්ධන තොග හා කර්මාන්ත සඳහා ලබා දීමට නියමිත ඉන්ධන නිසි පරිදි අඛණ්ඩව සැපයෙනු ඇති බව ද එම සමාගම පවසනවා.
යළිත් පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම ආරම්භ කරන්නේ ජූලි මස 11 දින වන අතර එදින සිට සියලු ඉන්ධනහල් වෙත පෙර පරිදි ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ඇති බව ද එම සමාගම සඳහන් කළා.

