ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ජූලි 08 සිකුරාදා බටහිර ජපානයේ නාරා හි වීදියක දේශනයක් පවත්වමින් සිටියදී වෙඩි තැබීමකින් මිය ගිය බව එරට රාජ්‍ය රූපවාහිනිය වන එන්එච්කේ නිවේදනය කරයි.
සිකුරාදා උදෑසන ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා දැඩි ආවේගයකින් මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී 67 හැවිරිදි අබේ “දරුණු තත්ත්වයේ” සිටින බවත් ඔහු දිවි ගලවා ගනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවත් පැවසීය. වෙඩි තැබීම සිදු වූ ස්ථානයෙන් අබේ රැගෙන ගියේ සිහිසුන්ව බව ජපාන මාධ්‍ය ආයතන වාර්තා කළේය.
අබේගේ එකම දේශපාලන පක්ෂයට අයත් කිෂිඩා වෙඩි තැබීමෙන් පසු මැතිවරණ ප්‍රචාරක චාරිකාවක සිට ටෝකියෝ වෙත ආපසු පැමිණියේය. කිෂිඩා අගමැති කාර්යාලයේ මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ අබේ උපරිම වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
කිෂිඩා මෙම ප්‍රහාරය “බිහිසුණු හා ම්ලේච්ඡ” ලෙස හැඳින්වූ අතර ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන මැතිවරණ ව්‍යාපාරය අතරතුර සිදුකෙරුණු මෙම අපරාධය කිසිසේත්ම සමාව දිය නොහැකි බවත් සඳහන් කළේ ය.

