පොලිස්පතිවරයා විසින් හිටිහැටියේම ප්‍රදේශ කිහිපයකට පැනවූ බව කියන “පොලිස් ඇඳිරි නීතිය” නිති විරෝධී බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරනවා. ජූලි 08 රාත්‍රියේ නිකුත් කළ ඇඳිරි නීතිය පැනවීමට පොලිස් ආඥාපනතින් හෝ වෙනත් නීතියක් මගින් කිසිදු ප්‍රතිපාදනයක් ලබා දී නොමැති බව නීතිඥ සංගමය එම නිවේදනය මගින් අවධාරණය කරනවා.
පොලිස්පතිවරයා විසින් “පොලිස් ඇඳිරි නීතිය” පැනවූ බව නිවේදනය කරයි
මේ අනුව, අදාළ ඇඳිරි නීති නිවේදනය ඉවත් කර ගැනීමෙන් රටට සිදුවිය හැකි බරපතල හානියක් වළක්වාගත හැකි බව ද එම නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.


