Politics

පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක් ගොඩනැගිය යුතුයි, අරගලයේ ඉල්ලීම එයයි – කුමාර් ගුණරත්නම් සිය අරගලයේ අරමුණ හෙළි කරයි

පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා කවුන්සිලයක් නිර්මාණය කරගත යුතු බවත් එය අරගලයේ මුඛ්‍ය අරමුණක් වූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පවසනවා.

“මේ තියෙන ව්‍යවස්ථා රාමුවෙන් එහාට අපිට මුකුත් කරන්න බෑ කියලා සමහරු කිව්වා. දැන් අපි අහනවා මේ ව්‍යවස්ථා රාමුවෙන් ඇතුළේ ද ඊයේ සිදුවුණ සිදුවීම් වුණේ. ව්‍යවස්ථාව ඇතුළේ ද විධායක ජනාධිපතිවරයාව බලයෙන් පහ කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දන්නේ නෑ 13 ඉල්ලා අස්වෙනවා කියලා තව මොන කුමන්ත්‍රණයක් අටවයි ද කියලා. මොකද මේ අයගේ දේශපාලන පැටිකිරිය එතරම් විශ්වාස එකක් නෙමෙයි. ඒක පසෙක තිබිය දී දේශපාලන වශයෙන් පිළිඅරගෙන තියෙනවා මොහු ඉල්ලා අස්වෙන්න ඕනේ, ඉල්ලා අස්වෙලා තියෙන්නේ අද වෙද්දි බලයක් නෑ කියලා.”

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ “තව කාරණයක් කියන්න ඕනේ මෙතන දී ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමා ගෝඨාභය ගියත් මොකද වෙන්නේ. අපි කියනවා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් අපි ජනතාව ලව්වා මේ වැඩේ කරගත්තා කියලා ඒ නිසා දැන් අපිට තියෙන්නේ පාර්ලිමේන්තු සෙල්ලමක් කරලා වැඩ බලන ජනාධිපතිවරු පත්කරලා 21 වන සංශෝධනය කියලා බොරු සෙල්ලමකුත් දාලා පරණ සෙල්ලම් කරන්න කියලා. ඒක ලොකු වැරදීමක්. කවුරු ආණ්ඩු කරත්, කවුරු කැබිනට් මණ්ඩල පත්කරත් ඔවුන්ට සිද්ධවෙනවා අරගලයේ අපේක්ෂාවන් සමග සම්මුතියකට එන්න. ඊයේන් පස්සේ අරගලය අපේ රටේ අලුත් නීතියක්, අලුත් සම්මුතියක් හදලා තියෙනවා. ඒක බැහැර කරමින් කාටවත් දේශපාලනය කරන්න බෑ.”

Rivira FB Group Rivira Youtube
To Top