News

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිට උනා – කතානායක මහින්ද යාපා අබේවර්ධන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට රටින් පිට ආසන්න රටකට පිටත්ව ගොස් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා. බීබීසී ආයතනය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් කථානායකවරයා සඳහන් කළේ ඔහු ආසන්න රටක සිටින බවයි. එසේම බදාදා දින යළිත් ඔහු පැමිණෙන බව ද කථානායකවරයා වැඩිදුරටත් පවසා සිටියා. එසේම ඔහු එදිනට ඉල්ලා අස්වන බව තමන්ට දැනුම් දී ඇති බව ද බීබීසීය වෙත සඳහන් කර සිටියා.

කෙසේ නමුත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයා නැවත මෙරටට නොපැමිණෙනු ඇති බවයි. සිය ඉල්ලා අස්වීම කථානායකවරයා වෙත ලබා දී ජනාධිපතිවරයා රටින් පිටවී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top