දේශපාලන

තමන් යටතේ අග්‍රාමාත්‍යධූරයට රනිල් වික්‍රමසිංහ පත් නොකරන බවට ඩලස් සහතික වෙයි!

ජනාධිපතිධූරය සඳහා තමන් පත්වුවහොත් නිශ්චිත වශයෙන්ම පිහිටුවන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවටත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධූරයට රනිල් වික්‍රමසිංහ පත් නොකරන බවටත් ඩලස් අලහප්පෙරුම සහතික වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා ලෙස පත්කොට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ සාකච්ඡාවකින් පසු ඒ සම්බන්ධයෙන් ඩලස් අහප්පෙරුම මන්ත්‍රීවරයාගේ මතය විමසීමේ දී මේ බව ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා. මේ මොහොතේ අරගල කරන ජනතාව එක හඩින් රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරන තත්වයක එවැනි අයෙකු අගමැතිධූරයට පත් කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බව ඩලස් අලහප්පෙරුම එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එසේම එලෙස ගොඩනගන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධූරය දැනට විපක්ෂය නියෝජනය කරන අයෙකුට ලබා දිය යුතු බව ද ඩලස් අලහප්පෙරුමගේ අදහස වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top