දේශීය පුවත්

අරගලකරුවන් මඩින්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමට එරෙහිව නීතිඥ සංගමයෙන් දැඩි නිවේදනයක්

ආණ්ඩුවට එරෙහි විරෝධතා සඳහා සහභාගී වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ” ප්‍රතිපාදන යොදාගැනීම සම්බන්ධයෙන් සිය ගැඹුරු අවධානයක් යොමුවී ඇති බව අගෝස්තු 23 දින නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ඔවුන් පවසන්නේ මෙම කුරිරු නීතිය තුළ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඍජු අර්ථ නිරූපනයක් නොමැති වීම හේතුවෙන් සිය අයිතිවාසිකම් භූක්තිවිඳින පුද්ගලයින් ඉලක්ක කරමින් ඔවුන්ට එරෙහිව එම පනත අවභාවිතා කිරීමට අවස්ථාව ලැබී ඇති බවයි.

එබැවින් මෙම පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දීර්ඝ හා බරපතල අනතුරු ඇඟවීම් සහිත නිවේදනයෙන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top