අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් විඳිමින් සිටින සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අගෝස්තු 26 දින පස්වරුවේ ජනාධිපති සමාව මත නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට සඳහා වන නියෝගයට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 දින අත්සන් කිරීමෙන් පසුවයි. අගෝස්තු 26 දින නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති සමාව ලබා දීම සඳහා වන නියෝගයට ජනාධිපතිවරයා අත්සන් කර ඊට අදාළ ක්‍රියාවලිය ඉටු කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරූ බවයි. මින් ඉදිරියට අධිකරණය හෝ විනිසුරුවරුන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශ නිකුත් නොකිරීමේ කොන්දේසිය මත අදාළ සමාව පිරිනැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
මීට අදාළව දැනට වැලිකඩ බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් සමාව අයැද තිබෙනවා. අගෝස්තු 25 දිනැති අදාළ ප්‍රකාශය මගින් ඔහු පවසන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළව අධිකරණයෙන් මෙසේ සමාව ඉල්ලා සිටින බවයි.
තමන් විසින් සිදුකළ ප්‍රකාශයන් සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා ගරු අගවිනිසුරුවරයා ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයෙන් රන්ජන් රාමනායක පවසා තිබෙනවා.
එම නඩුවලට පාදක වූ තමා විසින් සිදුකරන ලද අදාළ ප්‍රකාශ “අසත්‍ය” බවත් එම ප්‍රකාශ “ඉල්ලා අස්කර ගන්නා” බවත් “ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන” බවත් එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.
2017 අගෝස්තු 21 දින අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරිණි.
පළමු ප්‍රකාශය ඉවත් කර නොගන්නා බවට අධිකරණ භූමියේදී සිදු කළ දෙවන ප්‍රකාශය සම්බන්ධයෙන් දෙවන නඩුව ගොනු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ද අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණා. ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ දෙවැනි නඩුවේ දී වරද පිළිගත් රන්ජන් රාමනායකට බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණා.

