දේශීය පුවත්

රේගු, දේශීය ආදායම් හා සුරාබදු විවෘත තරඟ විභාගයේ දොර වැසෙයි, රාජ්‍ය සේවයේ දැනට ඉන්න අයට අවස්ථාව

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා විවෘත තරඟ විභාගයන් නොපැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම තනතුරු සඳහා දැනට රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීමට තීරණයක් ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නොවැම්බර් 08 දින සඳහන් කළා.

ඒ අනුව, කැබිනට් මණ්ඩලයේ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව සීමිත තරඟ විභාගයක් මගින් එම දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ ව්‍යාවස්ථාවන් උල්ලංඝනය නොවන පරිදි බඳවා ගැනීම් සිදුකරන බව ද රාජ්‍ය ඇමැතිවරයා අනාවරණය කර සිටියා.

මෙරට රාජ්‍ය සේවයේ ඉහළ වැටුප් හා දීමනා ලැබෙන රැකියා ලෙස රැකියා අපේක්ෂකයින් අතර ඉහළ ජනප්‍රියතාවයක් මෙම ආයතන සම්බන්ධයෙන් පැවතිණි. ඒ අනුව, සහකාර රේගු අධිකාරී වැනි තනතුරකට අයදුම් පත් 8000ත් 15000ත් අතර ප්‍රමාණයක් වරකට ලැබෙමින් තිබූ අතර ඉන් 50ත් 150ත් අතර ප්‍රමාණයක් පමණක් එම තනතුරු සඳහා බඳවා ගැනීම මීට පෙර සිදුවිණි.

Rivira FB Group Rivira Youtube
To Top