දේශීය පුවත්

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග දිනයන් යළි වෙනස් නොකෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා තීරණය කර තිබෙන දින යළි කිසිදු ආකාරයකින් වෙනස් කිරීමකට ලක් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් මස 18 වැනි දිනත් උසස් පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනි දින දක්වාත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා නොවැම්බර් 08 දින පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නා.

ඇතැම් ගුරුවරුන් සහ ශිෂ්‍ය කණ්ඩායම් විසින් මෙලෙස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට එම විභාගයට දෙවන හා තුන්වන වර පෙනී සිටින ළමුන්ට ප්‍රමාණවත් කාලයක් නොමැති බව පවසමින්.

ඒ අනුව නව දින ප්‍රකාශයට පත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගෙන දැනට නියම කරන ලද දිනවල විභාගය පැවැත්වීමට සැලසුම් කළ බවත් නැවත දීර්ඝ කිරීමක් කරන ලෙස කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් ලැබී නොමැති බවත් අධ්‍යාපන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top