දේශීය පුවත්

ලිත්‍රෝ, ලාෆ්ස් සමාගම් දෙකම ගෑස් මිල බස්සයි

ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිත්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 05 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇති අතර කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,409කි.

ලාෆ්ස් ගෑස් සමාගම ද කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220කින් පහළ දමා තිබුණ ද තවමත් සිලින්ඩරයක මිල රුපියල් 5,080ක මිලක පවතී.

මේ අතර ලිත්‍රෝ සමාගම කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,770ක් වන අතර ලාෆ්ස් සමාගමේ කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 88කින් පහළ දමා තිබුණ ද සිලින්ඩරක මිල රුපියල් 2,032ක මිලක පවතී.

එසේම ලිත්‍රෝ සමාගම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822කි.

Rivira FB Group Rivira Youtube
To Top