2023 පළාත් පාලන මැතිවරණය

මංගල නැකතින් පොහොට්ටුව සමග දීග යන්න එජාපය සැරසෙයි

2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී තරඟ කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ජනවාරි 10 දින එජාප මහලේකම්වරයා පවසා සිටියේ අලියා ලකුණින් තරඟ කරන පළාත් පාලන ආයතන පිළිබඳ හා පොහොට්ටුව ලකුනින් තරඟ කරනු ලබන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් යම් එකඟතාවයන්ට පැමිණ ඇති බවයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණ ඇති බව ද අනාවරණය කළ එජාප මහලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ පොදු ලාංඡනය සම්බන්ධයෙන් ඉදිරියේ දී තිරණය කරනු ලබන බවයි.

Rivira FB Group Rivira Youtube
To Top