දේශපාලන

මන්ත්‍රී ෆවුසිගේ පක්ෂ සාමාජිකත්වය සජබෙන් අත්හිටුවයි

සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා ලැයිස්තුවේ මීලඟට සිටි අපේක්ෂකයා වූ හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි තේරී පත්ව තිබුණා.

කෙසේ වෙතත් ඒ.එච්.එම්. ෆවුසි පාර්ලිමේන්තුවේ දී අයි.එම්.එෆ්. යෝජනාව පිළිබඳ පැවැති ඡන්ද විමසීමේ දී එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙමින් සමගි ජනබලවේගයේ තීරණය එරෙහිව කටයුතු කරනු ලැබීම හේතුවෙන් පසුගිය මැයි 07 දින රැස් වූ සමගි ජනබලවේග කෘත්‍යාධීකාරි කමිටුවේ දී මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කටයුතු කිරීමට සමගි ජනබලවේගයේ විනය මණ්ඩලය බලය පවරා ඇති බවයි පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top