කොළඹ සහ හඳුනාගත් තවත් ප්‍රදේශ ආශ්‍රිතව දැඩි ආරක්ෂක රැකවල් යොදමින් පොලීසිය හා හමුදාව කැඳවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය මැයි 14 දින ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ අනුව මේ වනවිට ආරක්ෂාව සඳහා මැයි 12 දින සිට කැඳවා ඇති ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මැයි 14 දින තීරණයක් ගැනීමට නියමිත බව එහි සඳහන්.
අද දෙරණ වෙබ් අඩවිය ආරක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් වාර්තා කර ඇති පරිදි ආරක්ෂක අමාත්‍යංශය මේ වනවිට පවසන්නේ “හදිසි තත්ත්වයකදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණු වීමක්” සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙලෙස දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගත් බවයි. කෙසේ වෙතත් පසුගිය දිනවල මෙලෙස ආරක්ෂක අංශ කැඳවීම සම්බන්ධයෙන් නිල නොවන ලෙස මාධ්‍ය වෙත දැනුම් දී තිබුණේ රජයට එරෙහි කැරැල්ලක් සම්බන්ධයෙන් ලැබී ඇති බුද්ධි තොරතුරකට අදාළව මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.
මෙලෙස කොළඹ විශ්වවිද්‍යාලය හා කොටුව ඇතුළු ප්‍රදේශ රැසක ආරක්ෂාව තර කිරීමත් සමග සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති වූ අතර කලබයට පත් ජනතාව විවිධ අනාවැකි කියන්නටත්, දේශපාලන තත්වයේ වෙනසක් සිදුවීමට යන බවටත් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කර තිබුණි. ඒ අතර මහින්ද රාජපක්ෂ නැවතත් අගමැතිධූරයට පත්වීමට යන බවට වූ ප්‍රචාරය ප්‍රබල ලෙස බොහෝ සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වී තිබුණි.

