දේශීය පුවත්

සොරකමක් ගැන ප්‍රශ්න කරන්න පොලිසියට ගෙනා කතක් හදිසියේම මිය යයි

කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක සොරකමක් සිදුව ඇති බවට ඉදිරිපත්ව තිබූ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා පොලිසිය වෙත රැගෙන ආ සිටි එම නිවසේ ගෘහ සේවිකාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

අදාළ කාන්තාව එම නිවසෙහි දේපළ සොරා ගත් බවට වූ පැමිණිල්ලකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා වැලිකඩ පොලිස්ථානය මෙලෙස රැගෙනවිත් ඇති අතර හුස්ම ගැනීමට අපහසු බවට එම කාන්තාව කළ දැනුම් දීමක් මත පොලිසිය විසින් ඇයව ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

ඒ අනුව, ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අදාළ කාන්තාව මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇති කාන්තාව 45 හැවිරිදි වියේ පසුවන බදුල්ලේ පදිංචි කාන්තාවක් බව ද පොලිසිය පවසනවා.

වැලිකඩ පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top