චීනය සහ ඇමරිකාව යන රටවල තෙල් ඉල්ලුම අඩු වීමත්, ලොව ප්‍රමුඛ ඉන්ධන සැපයුම්කරුවන් සැපයුම අඩු කිරීමට කටයුතු කර තිබීමත් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.
මැයි 15 දින වනවිට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.55ක් දක්වා ද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.48 දක්වා ද පහළ ගොස් තිබෙනවා.
මීට පෙර 2018 වසරේ අගෝස්තු මස දී බොරතලේ බැරලයක මිල පැවතියේ ඩොලර් 68-74 සීමාවේ වන අතර ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 160ක අගයත් පැවතිනි. මේ වනවිට ඇමරිකානු ඩොලරයක් රුපියල් 320-335 අතර සීමාවක පවතී.

